පොල් වගා නවීකරණය හා සංවර්ධනයට සැරසෙන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
• කෘතිම බුද්ධිය භාවිතයෙන් පොල් වගාව අධීක්ෂණය හා කළමනාකරණය.
• පොල් ගස් 150,000 මහා කන්නයේ පොහොර යෙදීම.
• පොල් පැල 50,000 ක් අලුතින් සිටවීම.
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රාශියක පැතිරිනු සරුසාර ගොවිබිම් තුල සත්ත්ව පාලනය සමඟ කෘෂිකර්මාන්තය ඒකාබද්ධව හා සමෝධානිකව සිදු කරන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ගොවිබිම් වල පොල් වගාව සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ සිට නවීනතම තාක්‍ෂණය යොදාගැනී දක්වා පරිවර්තනය කරමින් සිටි.
එහි පියවරක් ලෙස මේ වන විට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු පොල් අක්කර 11, 000 ක් පුරා පැතිරුණු පොල් වගාව අධීක්‍ෂණය කිරීම, වගාවේ සුමට දත්ත එක්රැස් කිරීම, අධීක්‍ෂණය හා පුරෝකථනය කිරීම සඳහා කෘතීම බුද්ධිය (Artificial Intelligence) හා ඩ්රෝන් තාක්‍ෂණය(Drone technology) මුසු කල යෙදවුමක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මේ හරහා මණ්ඩලය සුහුරු කෘෂිකර්මාන්තය(Smart Agriculture) වෙත යොමු වෙමින් වඩා වේගවත් හා නිවැරදි දත්ත මත නිවැරදි හා කාලින තීරණ ගැනීම අපේක්‍ෂා කරන අතර ඒ තුලින් පොල් වගාව සඳහා අවශ්‍ය යෙදවුම් කළමනාකරණය කිරීම හරහා වර්තමාන පොල් වගාවේ ඵලදායිතාවය ඉහල නැංවීම මණ්ඩලයේ අපේක්‍ෂාවයි.
වර්තමාන වෙළඳපළ තුල සුවිශේෂී වටිනාකමක් එක් කළ “පොල්” නැතහොත් පොල් වගාව නවීකරණය හා සංවර්ධනය උදෙසා පොල් ගස් 150,000කට මහකන්නයේ පොහොර යෙදීම ආරම්භ කිරීම හා 2025/2026 කාලසීමාව තුල තවත් පොල් ගස් 50, 000ක් අලුතින් වගාකිරීමේ ආරම්භක අවස්තාව මණ්ඩලයේ ආඬිගම ගොවිපලේදී 2025 ඔක්තෝබර් මස 29 වන දින ගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සනිටුහන් විය. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා සහ ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලයේ ගරු සභාපති වෛද්‍ය බි.එස්.සී. පෙරේරා මහතා, නියෝජ්‍ය සභපති වෛද්‍ය ඩබ්. එම්. ඩි. එස්. වන්නිනායක මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික මහත්වරුන්, සාමාන්‍යාධිකාරී වෛද්‍ය කේ.ජි.ජේ.එස්. දිස්නක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියෝය. මෙලෙස මණ්ඩලීය ගොවිපල තිරසාර ලෙස සංවර්ධනය කිරීම තුලින් ජාතික ආර්ථිකයට දායක වීම මණ්ඩලයේ අරමුණ වේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය